Saturday, April 20, 2024

General line - 0115112241

ගුරු විදුහල්පතිවරු අකුරට වැඩ




ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ, වැටුප් විෂමතා ඇතුළු සිය ඉල්ලීම්වලට අධ්‍යාපන බලධාරීන් විසදුමක් ලබානොදීම හේතුවෙන්. මෙම ඉල්ලීම් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30ක් පමණ අසනීප නිවාඩු වාර්තා කර ඊයේ දිනයේද වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වුණා.

සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් ලබානොදුනහොත් මාර්තු මස 16 වනදා සිට දින 5 ක වර්ජනයක් ආරම්භ කරන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.

ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ මේ වනවිට රජයේ කටයුතු සිදුවන්නේ අතුරු සම්මත ගිණුමක් හරහා බැවින් ඉදිරි අයවැයේදී ඔවුන්ගේ වැටුප් විෂමතාවලට විසදුමක් ලබාදීමට පියවර ගන්නා බවයි.