Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කළ චැනල් 4 මාධ්‍යවේදියාට කොරෝනා වැලදී ඇතැයි සැකයක්




ශ්‍රී ලංකා රජයේ හමුදාවන් යුධ අපරාධ සිදුකළ බව පවසමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 ආයතනය සිදුකළ " Sri Lankan Killing Fields” නම් වාර්තා වැඩසටහන ඉදිරිපත් කරනු ලැබු මාධ්‍යවේදී ජෝන් ස්නොව් හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට වන සැක මතුවී තිබෙනවා. මේ වන විට ඔහු නිරෝදාන ක්‍රියාවලියකට යටත් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පසුගිය සතියේ ඉරානයේ පැවති මහ මැතිවරණය වාර්තා කිරිම සඳහා ගොස් සිටි ජෝන් ස්නොව් යලි බ්‍රිතාන්‍යයට පැමිණී තිබෙනවා. එසේ පැමිණීමෙන් පසු ඔහු මේ දක්වා සේවයට ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

" තමන්ට දැඩි වෙහෙසක් දැනෙන බවත් ඉරානයේදී තමන් ගමන් කළ ස්ථාන වලදී කොරෝනා වෛරසය ව්‍යාප්තවී තිබුනාද යන්න ගැන අවබෝධයක් නොමැති බවත් යම් හෙයකින් තමන්ට වෛරසය ආසාධනය වී ඇත්නම් ඉන් රටේ අනෙක් ජනතාවට හානියක් සිදුවීම වැළැක්වීමේ අරමුණින් දින 14ක කාලයක් නිවස තුලම නිරෝදාන ක්‍රියාවලියකට යොමු වීමට තීරණය කළ බව" ජෝන් ස්නොව් චැනල් 4 ආයතනයට දැනුම් දී තිබෙනවා.

මේ වන විට ඉරානයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 22 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.