Thursday, April 25, 2024

General line - 0115112241

CCTV ගැලවූ කැළණියේ සරසවි සිසුන් අත්අඩංගුවට




කැළණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 16 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට හිමි නමක් ද අයත්. 

කැලණිය විශ්වවිද්‍යාලප පරිශ්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා ගණන පාස්කු ප්‍රහාරයෙන් පසු තවදුරටත් වැඩිකිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා. කෙසේවෙතත්, විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊට දැඩි විරෝධයක්  පළ කළා. ඒ, පාලනාධිකාරිය විසින් සිසුන් මර්දනය සඳහා සී.සී.ටී.වී කැමරා යොදාගන්නා බවට චෝදනා කරමින්.

මේ අතරතුර ඉකුත් සඳුදා පස්වරුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ තිබූ සී.සී.ටී.වී කැමරා ගලවා ඉවත් කර තිබු අතර ඊට පසුදින විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණේ තමන් සී.සී.ටී.වී කැමරා ගලවා ඉවත් කළ බවයි. පසුව එදිනම පස්වරුවේ එම සිසුන් තමන් ඉවත් කළ සී.සී.ටී.වී කැමරා උපකරණ යළි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ එක් ස්ථානයකට ගෙනැවිත් දමා තිබුණා. ඉන් අනතුරුවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම කඩකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් ද ආරම්භ කරනු ලැබුවේ.