Thursday, March 28, 2024

General line - 0115112241

සූරියවැවදී ක්‍රීඩාලෝලීන්ට පහරදීම ගැන ජනපතිට සහ අගමැතිටත් වාර්තාවක්




සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ ඊයේ පැවැති තරගය අතරතුර සිදුවූ පහරදීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ක්‍රිකට් පාලක මණ්ඩලයට නියෝග කර තිබෙනවා. ඒ අනුව කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ. 

ඊයේ ඇතිවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන ද අද අදහස් පළ කළා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති මෙම තරගය සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වසර 05 කට පමණ පසුව පැවැති පළමු තරගයයි. එහිදී තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගනයට ඇතුළුවීමට උත්සහ දැරූ අවස්ථාවේදී ප්‍රවේශපත්‍ර කවුළුව අසලදී ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසකගේ පහරකෑමටකට ලක්වුණා