Friday, March 29, 2024

General line - 0115112241

ගම්පහ බවුන්පැලැස්ස පුදබිමේදී ධාතූ වන්දනාටව සැදැහැවතුන්ට අවස්ථාව




සම්බුද්ධ කේෂ ධාතූන් වහන්සේ ඇතුළු ධාතූන් වහන්සේ නෙතින් දැක, පින් රැස්කර ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ගම්පහ බවුන්පැලැස්ස පුදබිමේදී අද (28) සිට සැදැහැවතුන්ට උදා වනවා.

නෙල්ලිගල, ශාක්‍ය සිංහ සුගන්ධ කුටියේ වැඩසිටින සම්බුද්ධ කේෂ ධාතූන් වහන්සේ, සර්වඥ අස්ථි ධාතූන් වහන්සේ ප‍්‍රධාන මහරහත් උතුමන් 20 නමකගේ අරහත් ධාතූන් වහන්සේ මෙහිදී වන්දනාමාන කර ගැනීමටයි අවස්ථාව සලසා ඇත්තේ.

භාවනාවේ යෙදී ආධ්‍යාත්මික සුවය ලබාගැනීම සඳහා ඉදිකෙරුණු ගම්පහ බවුන්පැලැස්ස පුදබිම ඊයේ (27) පස්වරුවේ සසුනට පූජා කිරීම සිදුවුණා. ඊට සමගාමීවයි මෙලෙස ධාතූන් වහන්සේ නෙතින් දැක, පිං රැස්කර ගැනීම සඳහා සැදැහැවත් සැමට අවස්ථාව උදාකර දී ඇත්තේ.

පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම වතාවත් සමග සම්බන්ධ වෙමින් පිං රැස් කරගන්නා ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවයි. 

ධාතූන් වහන්සේ නෙතින් දැක පිං රැස්කර ගැනීමට ලැබෙන මෙම දුර්ලභ පුණ්‍ය කර්මය සමග ලබන මාර්තු 01 වැනිදා තෙක් සැදැහැවත් ඔබට සම්බන්ධ විය හැකියි. 

--

අධ්‍යාත්මික සුවය ලබාගැනීම උදෙසා ඉදිකළ ගම්පහ බවුන්පැලැස්ස සසුනට පූජා කෙරේ (PHOTOS)