Friday, April 26, 2024

General line - 0115112241

ෆුල්ෆේස් හෙල්මට් නොවැම්බර් 17 දක්වා පුළුවන්..!




යතුරුපැදිකරුවන්ට පනවා තිබූ මුහුණ ආවරණය වන ආරක්‍ෂිත හිස් වැසුම් හෙවත් ෆුල්ෆේස් හෙල්මට් තහනම අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය නොවැම්බර් මස 17 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (03) නියෝග කළා. ඒ, අදාළ තහනමට එරෙහිව ගොණුකර තිබූ පෙත්සම් තුනක් යළි සලකා බැලූනු අවස්ථාවේදීයි.

පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති උපදේශන චක‍්‍රලේඛණය කි‍්‍රයාත්මකවීම වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණා. නිසි ප‍්‍රමිතියකින් යුත් ෆුල්ෆේස් හෙල්මට් භාවිත කිරීමට හැකිවන ආකාරයට නව රෙගුලාසි සම්පාදනය කිරීම මෙතෙක් අවසන් වී නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දන්වා සිටියා.

මෙම නඩුව නොවැම්බර් මස 16 වනදා යළි කැදවීමට නියමිතයි.