Thursday, April 25, 2024

General line - 0115112241

MCC අත්සන් නොකිරීමට කැබිනට් තීරණයක්




MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (28) ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට පත් කළ විද්වත් අතුරු කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි. 

දේශීය ලොකු ළුූණු කිලෝ ග්‍රෑම් 01 ක් සඳහා ගොවීන්ට දැනට ලබාදෙන අවම සහතික මිල රුපියල් 60 සිට 80 දක්වා ඉහළ දැමීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ තවත් තොරතුරු නෙත් නිවුස් ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.