Saturday, May 11, 2024

General line - 0115112241

මානව හිමිකම් කොමසාරිස්ට කණගාටුව පලකරන්න බැහැ - විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර




මානව හිමිකම් යෝජනාවෙන් ශ්‍රී ලංකාවට ඉවත්වීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට කණගාටුව පළ කිරීමට කිසිඳු හැකියාවක් නැතැයි විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එය ශ්‍රී ලංකාව සතු අයිතියක් බවයි. 

සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම පිළිබඳ යෝජනාවෙන් වෙනස් ප්‍රවේශයක් ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කණගාටු වන බවයි මහ කොමසාරිස් මිචෙල් බැචලේ ඊයේ ප්‍රකාශ කළේ.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේදී සිය වාචික ප්‍රකාශනය ඉදිරිපත් කරමින්. සිවිල් ක්‍රියාකාරකම්, ආරක්ෂක අමාත්‍යංශය හෝ විශ්‍රාමික හමුදා නිලධාරින් යටතට ගැනීම සම්බන්ධයෙන් ද තමන් කණගාටු වන බවයි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය එහිදී පවසා තිබුණේ. විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊට ද මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.  

මේ අතර රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද අදාළ යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් කවුන්සිලය අමතමින් ඊයේ ප්‍රකාශ කළේ තිරසර සංවර්ධනය, සාමය, සංහිඳියාව උදාකර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය හා ඇගේ කාර්යාලය සමග සමීපව කටයුතු කරන බවයි.