Thursday, April 25, 2024

General line - 0115112241

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ




එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා. පස්වරු 03 ට මෙම රැස්වීම පැවැත්වෙන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයි. එළඹෙන මහ මැතිවරණයේදී තරගවදින ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පැවසුවේ. 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගය පිහිටුවීමේ නිල උත්සවය ලබන 02වනදා පැවැත්වීමට නියමිතයි.