Thursday, April 25, 2024

General line - 0115112241

පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනෙකු සාමාන්‍ය සේවයට




ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 24 දෙනෙකුට සහ පොලිස් පරීක්‍ෂකවරුන් 8 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. එලෙස ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතරින් හය දෙනෙකු සාමාන්‍ය රාජකාරී සදහා අනියුක්ත කිරීම විශේෂත්වයක්. වත්තල, මරදාන, සපුගස්කන්ද, කඩවත, මාලිගාවත්ත සහ ආදුරුප්පු වීදිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් හය දෙනෙකු එලෙස සාමාන්‍ය රාජකාරී සදහා යොමුකර තිබෙනවා.