Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට 2015න් පසු අද ලැබෙන අවස්ථාව




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 3 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (01) පැවැත්වෙනවා. දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත මෙම තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා පිළ මේ වනවිට ජය ගෙන අවසන්. ඒ අනුව ශී‍්‍ර ලංකා පිල අද තරග බිමට පිවිසෙන්නේ කොදෙව් කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් අපේක්ෂාවෙන්.

2015 වසරෙන් පසු කොදෙව් කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමේ අවස්ථාව ඒ අනුව මෙවර ශී‍්‍ර ලංකා  පිලට හිමිව තිබෙනවා. එමෙන්ම අද තරගය ශී‍්‍ර ලංකා පිල ජය ගතහොත් සිය මවුබිමේදී අඛණ්ඩව ලබන දෙවන පූර්ණ එක්දින තරගාවලි ජය ලෙසද මෙය වාර්තා වනු ඇති.

මේ අතර අද තරගයේ ප‍්‍රවේශපත් පල්ලේකැලේ කී‍්‍රඩාංගණය තුළ අලෙවි නොකිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ තරගය පැවැත්වෙන අද දිනයේ කී‍්‍රඩාලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවදානම වැළැක්වීමේ අරමුණින්. 

ඒ අනුව අදාළ ප‍්‍රවේශපත‍්‍ර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මූලස්ථානයෙන් අස්ගිරිය කී‍්‍රඩාංගණයේ පිහිටුවා ඇති මහනුවර දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් කාර්යාලයෙන් මිලදී ගත හැකි බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම බලගොල්ලේ පිහිටි අභීත කී‍්‍රඩා පිටියේ ස්ථාපිත ප‍්‍රවේශපත‍්‍ර කවුළුවෙන්ද අද තරගයේ ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත හැකි වනවා. අද තරගය නැරඹීමට පැමිණෙන කී‍්‍රඩාලෝලීන් සඳහා පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පිවිසුම් දොරටු පස්වරු 12.30 ට විවෘත කරන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් සදහන් කළා.