Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාවෙනුත් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි




පළමු වරට අමෙරිකාවෙන් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. මෙලෙස කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගොස් ඇත්තේ වයඹ දිග වොෂින්ටන් ප‍්‍රාන්තයේ 50 හැවිරිදි පුද්ගලයෙක්.

මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා. උද්ගතව ඇති තත්ත්වය පිළිබද අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියාසිටියේ  ඕනෑම අවදානමකට මුහුණදීම සඳහා අමෙරිකාව සූදානම් බවයි. 

මේ අතර මේ වනවිට රටවල් 64 කින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,000 ඉක්මවා තිබෙනවා. මෙම වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාවද 2,942 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

ඉන් මරණ 2,835 ක් වාර්තා වන්නේ චීනයෙන්. ඉරානයෙන් නව කොරෝනා මරණ 43 ක් වාර්තා වන අතර ඉතාලියෙන්  මරණ 29 ක් වාර්තා වී තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දකුණු කොරියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.