Friday, March 29, 2024

General line - 0115112241

අන්තරේ භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු සිසුන් 21ක් අත්අඩංගුවට




උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරත වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු සිසුන් 21 දෙනෙකු පොලීසිය විසින් අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගැණුනා.

ඒ, මංමාවත් පනත උල්ලංඝණය සහ අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා යටතේයි.

මෙම සිසුන් පිරිස මෙලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කළේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින්.

සත්‍යග‍්‍රහයේ නිරත එම සිසුන් පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ (29) දිනයේ එම ස්ථානයට පැමිණ දැනුම්දීමක්ද සිදුකර තිබුණා.