Saturday, April 20, 2024

General line - 0115112241

කොන්දේසි රැගෙන සජිත් පාර්ශවය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට




සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා අද රාති‍්‍ර 7 ට එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතව තිබෙනවා. 

එක්සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණ හෝ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණ, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ ලෙස සදහා යොදා ගැනීමටයි අවධානය යොමුව ඇත්තේ. 

කෙසේවෙතත් එම නව සන්ධානය හංසයා ලකුණ යොදාගත හොත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ එම ලකුණ සිය පෙරමුණෙන් ඉවත් කර ගත යුතුයි. නව සන්ධානය සිය ලකුණ ලෙස අලියා ලකුණ යොදාගත හොත් එක්සත් ජාතික පක්‍ෂයටද එම ලකුණ අත්හැරීමට සිදුවනවා. 

ඒ සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය තත්ත්වයන් පිළිබද අවසන් එකඟතාවකට පැමිණීම සදහා එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රාති‍්‍ර මෙලෙස රැස්වීමට නියමිතයි. 

සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ රගහලේදී හෙට පැවැත්වෙනවා.