Wednesday, April 24, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් අන්තරයේ 21ක් අධිකරණයට




උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරතව සිටියදී අත්අඩංගුවට ගැණුනු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු සිසුන් 21දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

ඔවුන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ  මංමාවත් පනත උල්ලංඝණය සහ අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා යටතේයි. මෙම සිසුන් පිරිස ඉකුත් බ‍්‍රහස්පතින්දා සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙලෙස සත්‍යග‍්‍රහයක් ආරම්භ කළේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින්. 

සත්‍යග‍්‍රහයේ නිරත එම සිසුන් පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ දිනයේ එම ස්ථානයට පැමිණ දැනුම්දීමක්ද සිදුකර තිබුණා. 

ඒ, මෙම සත්‍යග‍්‍රහය ජනතාවට අවහිරයක් වන බව පවසමින් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසටයි.