Friday, March 29, 2024

General line - 0115112241

තෙවන එක්දින තරගයට සියල්ල සුදානම්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම් අතර 3 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කි‍්‍රඩාංගණයේදී අද පස්වරු 2.30 ට ආරම්භ වනවා.

මෙම කී‍්‍රඩාංගණයේ මේ දක්වා ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින තරග 22 කට කී‍්‍රඩා කර තිබෙනවා. ඉන් තරග 10ක් ජය ගත් ශී‍්‍ර ලංකා පිල තරග 12ක් පරාජයට පත් වුණා.

කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර මෙම කී‍්‍රඩාංගණයේදී 2015 වසරේ එක් තරගයක් පවත්වා තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දැරූ එම තරගය ශී‍්‍ර ලංකා පිල ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායට අනුව ජයගත්තේ ලකුණු  19කින්.

එමෙන්ම ශී‍්‍ර ලංකා පිල  පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ අවසන් වරට සහභාගි වූ එක්දින තරග දෙකම පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්. ශී‍්‍ර ලංකා පිල අවසන් වරට පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ එක්දින තරග ජයක් වාර්තා කළේ 2018 වසරේ අගෝස්තු මාසයේ දකුණු අපි‍්‍රකාවට එරෙහිවයි.