Wednesday, April 24, 2024

General line - 0115112241

තරගයේ වීරයා මැතිව්ස් - තරගාවලියේ වීරයා වනිදු




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින කි‍්‍රකට් තරගාවලිය 3 ට 0 ක් ලෙස පූර්ණ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) රාති‍්‍රයේ සමත්වුණා. ඒ, පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේ පැවැති අවසන් එක්දින තරගයෙන් ලකුණු 06 ක තියුණු ජයක් අත්කර ගනිමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 307 ක් රැස්කළා. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කොදෙව්වන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09 ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 301 ක් පමණයි.

කොදෙව්වන් පළමු කඩුල්ලට ලකුණු 111 ක සබඳතාවක් ගොඩනැගුව ද මැදපෙළ බිඳවැටීම හේතුවෙන් ඔවුන්ගේ ජයග‍්‍රහණය ඈතට ගියා. තරගය ජයගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 13 ක් ලබාගැනීමට අවශ්‍යවුවද, දක්ෂ පන්දුයැවීමක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකාවට තියුණු ජයක් අත්කර දුන්නා. 

කලකට පසු පන්දුවාර 10 ම සම්පූර්ණ කළ ඇන්ජලෝ මැතිව්ස් කඩුළු 04 ක් දවා ගත්තේ තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමින්. තරගාවලියේ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමිවුණා. 

ශ‍්‍රී ලංකා පිළ සිය මව්රටේදී අඛණ්ඩව ලැබූ දෙවන පූර්ණ එක්දින තරගාවලි ජය මෙයයි. 2015 වසරෙන් පසු කොදෙව්වන්ට එරෙහිව එවැනි ජයක් ලැබූ පළමු අවස්ථාව ද මෙය වනවා.