Friday, March 29, 2024

General line - 0115112241

තවත් වාර්තාවක් සමගින් ශශිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී




වසර 17 ක් පුරා ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් නියෝජනය කළ ශශිකලා සිරිවර්ධන අද (02) ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමු දුන්නා. ඒ, මේ වනවිට පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරගයෙන් පසුවයි.

එහිදී ඇය වාර්තාවක් බිහිකිරීමට සමත්වීම ද විශේෂත්වයක්.

මෙම තරගයේදී ශශිකලාට ජයග‍්‍රාහී සමුගැනීමක් ලබාදීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට හැකිවුණා. ඒ, තරගය කඩුළු 09 කින් ජයගනිමින්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කී‍්‍රඩිකාවන් පන්දුවාර 20 තුළ රැස්කළේ ලකුණු 91 යි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශශිකලා සිරිවර්ධන ලකුණු 16 කට කඩුළු 4 ක් බිඳ හෙලූවා. එය සැලකෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉනිමකදී වාර්තා වූ හොඳම පන්දු යැවීම ලෙසයි.

ශ‍්‍රී ලංකාව කාන්තා ලෝක කුසලානයේදී සහභාගී වූ අවසන් තරගය මෙය වන අතර මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජයග‍්‍රහණය ද මෙයයි.

එක්දින තරග 118 ක් සහ පන්දුවාර 20 තරග 81 ක් වෙනුවෙන් ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් නියෝජනය කළ ශශිකලා සිරිවර්ධන මෙරටින් බිහිවූ දක්ෂ තුන්ඉරියව් කී‍්‍රඩිකාවක් ලෙසයි සැලකෙන්නේ.