Friday, April 19, 2024

General line - 0115112241

ATM යන්ත්‍ර ඔස්සේ දත්ත සොරා ගැනීමේ පුවත අසත්‍යයි




මෙරට ක්‍රියාත්මක බැංකු පද්ධතියක ටෙලර් යන්ත්‍රවලින් ගනුදෙනුකරුවන්ගේ දත්ත සොරා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ ප්‍රවෘත්ති කිසිදු සත්‍යතාවයකින් තොර බව ලංකා ක්ලියර් සමාගම සහ ශ්‍රී ලංකා පරිගණක සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඇතැම් බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල ආරක්‍ෂාව සම්බන්ධව සමාජ මාධ්‍යවල යම් යම් වැරදි පණිවිඩ සංසරණය වීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බවයි.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය ඉහළම ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන බව මහජනයාට දැනුම් දෙන අතරම ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයන් තුල කිසිදු අවභාවිතයක් නොමැති බවට සියලුම බැංකු තමන් වෙත දැනුම් දී ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.