Wednesday, April 24, 2024

General line - 0115112241

පොලාර්ඩ් ලෝක වාර්තාවක් තබන්න සුදානම් වෙයි




ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී ලෝක වාර්තාවක් බිහි කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කිරන් පොලාඞ් සූදානම් වනවා. ඒ, පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරග 500 කට කී‍්‍රඩා කළ ලොව පළමු කී‍්‍රඩකයා බවට පත්වෙමින්. ඔහු මේ වනවිට පන්දුවාර 20 යි 20 තරග 499කට කී‍්‍රඩා කර තිබෙනවා. 

මේ අතර අද තරගය ලසිත් මාලිංගගේ පන්දුවාර 20 නායකත්වය පරීක්‍ෂාවට ලක් කරන තරගයක් වනු ඇති. 2018 වසරේ සිට මාලිංගගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකා පිල සහභාගි වූ තරග 12 න් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණක්වීම විශේෂත්වයක්.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර 20 යි 20 තරගය අද රාති‍්‍ර 7 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. එක්දින තරගාවලියට එක් නොවූ ප‍්‍රබල කී‍්‍රඩකයින් වන ලෙන්ඞ්ලි සිමන්ස්, ශිම්රෝන් හෙට්මයර්, ඇන්ඩෙ‍්‍ර රසල් සහ ඞ්වේන් බ‍්‍රාවෝ අද තරගයේදී කොදව් පිලට එක්වනු ඇති.