Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස ගැටුමේදී කොදෙව්වන් පලමුව පිත්ත අතට ගනී




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

කොදෙව් නායක කිරන් පෝලාඞ් සහභාගීවන 500වන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයද මෙයයි. ඒ අනුව ඔහු වාර්තා පොතට එක්වන්නේ පන්දුවාර විස්ස තරග 500ක් කී‍්‍රඩා කළ පළමු කී‍්‍රඩකයා ලෙසයි.

අද තරගයට කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් 11දෙනා වන්නේ නායක ලසිත් මාලිංග, අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් ජනිත්, ශේහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක, තිසර පෙරේරා, වනිදු හසරංග, ඉසුරු උදාන සහ ලක්ෂාන් සඳකැන්.