Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තු කොඳෙව් පන්දුයවන්නන් බිඳ දමයි




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (04) රාති‍්‍රයේ සමත් වුණා.

තරගය පැවැත්වුණේ පල්ලේකැලේ කි‍්‍රඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 196ක් රැස් කළා.

එම ලකුණු සංඛ්‍යාව කොදෙව් පිල මෙරටදී පන්දුවාර විස්ස තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක්වුණා. ලෙන්ඞ්ල් සිමන්ස් පන්දු 51කදී නොදැවී ලකුනු 67ක් රැස් කළා. 

ලකුණු 197ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා පිලේ මුල් කඩුලූ 03 ලකුණු 17කදී බිඳ වැටුණා. අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 7කට දැවී ගිය අතර ෂෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු නොලබායි.

කුසල් ජනිත් සහ වනිදු හසරංග 6 වැනි කඩුල්ලට ලකුණු 87ක සබදතාවක් ගොඩනැගුවද එය ශී‍්‍ර ලංකා ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් වූයේ නැහැ. කුසල් ජනිත් පන්දු 38කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 66ක්. වනිදු හසරංග පන්දු 34කදී ලකුණු 44ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ලකුණු 28කට කඩුලූ 5ක් දවා ගත් ඔෂේන් තෝමස්. 

මෙම ජයග‍්‍රහණයත් සමග කොදෙව් කණ්ඩායම තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා. දෙරට අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී හෙට (06) පැවැත්වීමට නියමිතයි.