Wednesday, April 24, 2024

General line - 0115112241

කොඳෙව්-ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය අද




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (06) පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 7.00ටයි. 

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය 1-0 ලෙස මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

ශී‍්‍ර ලංකාව සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 25කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මෙම විස්සයි විස්ස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (06) තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු වනවා.

එමෙන්ම ලසිත් මාලිංගගේ විස්සයි විස්ස නායකත්වයද මේ වන අභියෝගයකට ලක්ව ඇත්තේ ඔහු නායකත්වය දුන් අවසන් විස්සයි විස්ස තරගාවලි 2ම ශී‍්‍ර ලංකා පිල පරාජයට පත්වීම හේතුවෙන්. 

ශී‍්‍ර ලංකා පිළ ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස තරග 6ම පරාජයට පත්ව තිබීමද තවත් විශේෂත්වයක්. මේ හේතුවෙන් අද තරගයේදී අනිවාර්ය ජයග‍්‍රහණයක් සඳහා ශී‍්‍ර ලංකා පිළ මෙහෙයවීමේ වගකීමද ලසිත් මාලිංගට පැවරි තිබෙනවා.

බොහෝ විට අද තරගය සදහා පළමු විස්සයි විස්ස තරගයේදී අසාර්ථක වූ ෂෙහාන් ජයසූරිය වෙනුවට නිරෝෂන් දික්වැල්ල කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ.