Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට




ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ, පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පැවැති 02 වන 20 යි 20 කි‍්‍රකට් තරගයෙන් කඩුළු 07 ක ජයක් අත්කර ගනිමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 06 ක් දැවී ලකුණු 155 ක් රැුස්කළා. දසුන් ශානක නොදැවී ලකුණු 31 යි.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 17 කදී කඩුළු 03කට ලකුණු 158 ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා.

බ‍්‍රැන්ඩන් කින්ග් සහ ෂිම්රන් හෙට්මෙයර් ලකුණු 43 බැගින් රැස්කළා. පන්දු යැවීමේදී දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.