Friday, April 26, 2024

General line - 0115112241

වනිඳු හසරංග සති 06ක් ක්‍රිකට් පිටියෙන් ඉවතට




පාදයේ ආබාධයකට ලක් වූ තුන් ඉරියව් කී‍්‍රඩක වනිඳු හසරංගට සති 06 ක් කි‍්‍රකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහු මෙලෙස ආබාධයට ලක් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරඟයේ පන්දු රකිමින් සිටියදීයි.

ඔහුට සතියක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇති බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියේ.

මෑත කාලයේ දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටින වනිඳු හසරංග කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරඟාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා.

ඔහුගේ ආබාධ තත්ත්වය තරමක් දරුණු බවත්, මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව ද ඔහුට අහිමි වන බවයි කි‍්‍රකට් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළේ.

එංගලන්තයට එරෙහි ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කළ ශී‍්‍ර ලංකා සංචිතයට වනිඳු හසරංග ඇතුළත්ව සිටි බව ද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළා.

කුසල් ජනිත් පෙරේරා ද දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරගයේදී ඇඟිල්ලක ආබාධයකට ලක් වුණා. සුළු අස්ථි බිඳීමක් සිදුව ඇති බැවින් ඔහුට එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කිරීමට හැකි වනු ඇතැයි ද කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් විශ්වාසය පළ කළා.