Friday, March 29, 2024

General line - 0115112241

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ කොරෝනාව නිසා නිරෝධානයට




සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධාන ක්‍රියාවලියට ලක් කර තිබෙනවා.

ඒ ඔහු ක්‍රීඩා කරනු ලබන Juventus පාපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක් වන ඩැනියෙල් රුගානි කොරෝනා වෛරසයට ආසාධනය වීමත් සමගයි.

රුගානි සහ රොනාල්ඩෝ ඉකුත් ඉරිදා ක්‍රීඩා විවේකාගාරයේ එකට සිට තිබෙනවා. ඒ ඉන්ටර් මිලාන් පාපන්දු කණ්ඩායම සමග පැවති තරගයෙන් පසුවයි.

මෙම තරගයේදී කොරෝනා රුගානි සමග සම්බන්ධවූ සියලු ක්‍රීඩකයින්ට නිරෝධාන ක්‍රියාවලියකට යොමු වන ලෙස කණ්ඩායම් දෙකේ බලධාරින් දැනුවත් කර ඇත.