Thursday, April 25, 2024

General line - 0115112241

රයිගම් ටෙලිස් 2019 සම්මාන උළෙල කල් යයි




ලබන 21 වැනිදා කොළඹ නෙලූම් පොකුණ රගහලේ පැවැත්වීමට නියමිතව තිබූ රයිගම් ටෙලීස් 2019 සම්මාන උළෙල එදින නොපැවැත්විමට ‘‘ද කින්ඩම් ඔෆ් රයිගම්’’ සමාගම තීරණය කර තිබෙනවා. එ් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. පවතින තත්ත්වය සමනය වූ වහාම ආසන්නතම දිනකදී  කොළඹ නෙළුම් පොකුණ රගහලේදී එම සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු කරන බවයි ‘‘ද කින්ඩම් ඔෆ් රයිගම්’’ සමාගම නිවේදනය කළේ. මේවනවිට නිකුත් කර ඇති ආරාධනා පත‍්‍ර එදිනට වලංගු බව ද එම සමාගම දැනුම් දෙනවා. 

එමෙන්ම මෙම තීරණයට සමගාමීව රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනපි‍්‍රයතම ටෙලි නාට්‍ය නළුවා, නිළිය සහ ටෙලි නාට්‍ය තේරීම සඳහා වන පේ‍්‍රක්ෂක මත විමසුම ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එය නැවත ආරම්භ කරන දිනය ද පසුව දැනුම් දෙනු ඇති. අවසන් ජයග‍්‍රාහකයින් තේරීමේදී මේ දක්වා ලැබී ඇති පේ‍්‍රක්ෂක මනාපයන් ද ඒ සඳහා සැලකිල්ලට ගන්නා බවයි 
‘‘ද කින්ඩම් ඔෆ් රයිගම්’’ සමාගම පැවසුවේ.