Saturday, September 19, 2020

Advertising - 0773953664 | General line - 0115112241

සැමන් සහ පරිප්පු ගන්න පෝළිම්වල (PHOTOS)

රංජිත් රාජපක්ෂ

6457Views


 


 

 

 

සතොස ශාඛාවල නව මිලට සැමන් සහ පරිප්පු නිකුත් කිරීමත් සමග එම භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වුණා.

හැටන් ප්‍රදේශයේ සතොස ශාඛාව මගින් රුපියල් 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබාදීම සිදු කරන නිසා එම ශාඛාවේ දිගු පෝළිම්ද ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් හැටන් ප්‍රදේශයේ පෞද්ගලික වෙළදුන් පවසන්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද පාලන මිලට වඩා වැඩි මිලටකට ලබා ගත් බවයි.

රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට ඒ තුළින් විශාල පාඩුවක් සිදු වන බවයි ඔවුන් පවසන්නේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here