Saturday, April 20, 2024

General line - 0115112241

පාරේ අලියෙක් මරුට (PHOTO)




අම්බලන්ගොඩ, කන්දෙගොඩ දුම්රිය ස්ථානය පිටුපස කුරුඳුවත්ත පාරේ ගමන් කරමින් සිටි අවුරුදු 70 ක් පමණ වයසැති සද්දන්ත අලියෙකු අම්බලන්ගොඩ දෙසට රැගෙන යමින් සිටියදී පාර මැද ඇද වැටීමෙන් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.

මෙම සද්ධන්තයා කඩුවෙල ප්‍රදේශයෙන් රැගෙන පැමිණ ඇති බවට තොරතුරු ඇතත් ඇත් ගොව්වන් යැයි හඳුන්වන පිරිස අලියා පිළිබඳ කිසිඳු තොරතුරක් ලබා දීමට කැමැත්තක් නොදැක්වූ බවයි වාර්තා වුණේ.

එහිදී අලියාගේ අයිතිකරුවකු යැයි පවසන අයෙකු සඳහන් කර ඇත්තේ අලියා සම්බන්ධ සියලු ලියකියවිලි තමා සතුව පවතින බවත් ඒවා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති බවයි.

13874819_1243230029052581_960571323_n (1)