Wednesday, April 24, 2024

General line - 0115112241

කොරෝනා බව කියවෙන දේවගැතිවරයාගේ දේව මෙහෙයට එකතු වූ ජනතාව සොයයි

මාධව කුලසූරිය/දිනසේන රතුගමගේ




කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ස්විට්සර්ලන්ත දේවගැතිවරයා විසින් යාපනය, අරියාලෙයි ප‍්‍රදේශයේ දේවස්ථානයක පැවැත්වූ දේවමෙහෙයට සහභාගි වූ පුද්ගලයින් සොයා ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය අංශ උතුරේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊට එක්වූ පුද්ගලයින් 8 දෙනෙකු වව්නියාව ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ බව කියන ස්විට්සර්ලන්ත දේවගැතිවරයා යාපනය නගරයේ වෙළද සැල් කිහිපයකට සහ බැංකු දෙකකට ගොස් ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

මේ හේතුවෙන් යාපනය නගරය විෂබීජහරණය කිරීමටයි යාපනය සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත්තේ.