Thursday, April 25, 2024

General line - 0115112241

සේවය අතහැර ගියා සේ සළකන්න කිරිඇල්ල සූදානම්




විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන් තවදුරටත් වැඩවර්ජනයේ නිරත වන්නේ නම් ඔවුන් සේවය අතහැර ගියා සේ සැළකීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

එපමණක් නොව ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට හෝ වැටුප් කප්පාදු කිරීමටද පියවර ගන්නා බවයි හෙතෙම පැවසුවේ.

ඔහු එ් බව පැවසුවේ අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්. වර්ජකයින්ගේ ඉල්ලීම් 07 න් 06 ක් මේ වන විට ලබා දීමට කටයුතු කර ඇති බවත් පැවසුවා. ඔවුන් 07 වැනි ඉල්ලීමත් වහාම ඉල්ලා සිටින බවයි ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේ.

විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනයට මේ වන විට දින 8ක් ගත වී තිබෙනවා.

(එම හඬපටය පහතින් අහන්න)