Friday, March 29, 2024

General line - 0115112241

මේ දිනවල නිවෙස්වලදී සිදුවෙන අනතුරු අවම කර ගැනීමට අවධානය දෙන්න



බොහෝ පිරිස් මේ දිනවල නිවෙස්වල රැඳී සිටීම නිසා නිවසේ සිදු වන අනතුරුවල කිසියම් වැඩි වීමක් වාර්තා වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මේ නිසා විශේෂයෙන්ම දරුවන් මෙවැනි අනතුරුවලින් වළක්වා ගැනීමට කල්පනාකාරී වන ලෙසයි ඔවුන් උපදෙස් දෙන්නේ.

නව කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඇතුලූ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඉතා වෙහෙසකාරීව උත්සාහ කරමින් සිටියදී අනතුරුවලට ලක්ව පිරිස් රෝහල් වෙත පැමිණීම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අනවශ්‍ය බරක් විය හැකි බව ද මෙහිදී විස්තර කෙරුණා.

ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණ්පිට වැඩසටහනේදී අවිස්සාවේල්ල දිස්ති‍්‍රක් මහ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දමයන්ති සමරසිංහ මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදු වන අනතුරු ද මේ දිනවල වාර්තා වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. අවිස්සාවේල්ල දිස්ති‍්‍රක් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය භාග්‍ය බොලොන්නේ ද ඒ පිළිබඳ කරුණු පැහැදිළි කළා.

ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහන පහතින් පිවිස ශ්‍රවණය කළ හැකියි.