Thursday, April 25, 2024

General line - 0115112241

චාර්ල්ස් කුමරුට කොරෝනා වෛරසය වැළදේ




බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සඳහන් කරමින් ඔහුගේ කාර්යාලය විසින් නිල නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

චාර්ල්ස් කුමරු මේ වන විට 71 වන වියේ පසුවනවා. මේ වන විට ඔහුට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.