Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා වැළදුණු චාර්ල්ස් කුමරු මහ රැජිණ හමුවූ දිනය ගැන නිවේදනයක්




බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාළිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඒ ඇයගේ පුත්‍රයා වන 71 හැවිරිදි චාර්ල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට වාර්තා පළවීමත් සමගයි.

ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා අවසන් වරට සිය මව් රැජිණ වන දෙවන එලිසබෙත් මහ රැජිණ හමුවී ඇත්තේ ඉකුත් මාර්තු 12 වෙනිදා බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ වන විට දෙවන එළිසබෙත් මහ රැජිණ සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු ලන්ඩන් නගරයෙන් පිටත පිහිටි වින්ඩ්සර් මාළිගාවේ වාසය කරනු ලබනවා.