Friday, March 29, 2024

General line - 0115112241

ජනතාව තලන ඔන්ලයින් වෙළෙන්දන් පිළිබඳ නෙත් නිවුස් අනාවරණයෙන් පසු අධිකාරියෙන් වැටලීම්




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය අවම කිරීම සඳහා මුළු දිවයිනටම බලාපාන අයුරින් ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී පාරිභෝගික මහජනතාවට වැඩි මිලකට අන්තර්ජාලය ඔස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කළ සුප්‍රකට වෙබ් අඩවියක කාර්යාලයක් අද පාරිභෝගික සේවා අධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඇතිව වටලා තිබෙනවා.

ඒ, එම වෙබ් අඩවිය විසින් පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම් සිදුකරන බවට පාරිභෝගික සේවා අධිකාරියට ලද පැමිණිලි හේතුවෙන්.

එහිදී වැඩි මිලට අලෙවි කිරීම් සිදුකරන ලද පාරිභෝගිකයින්ට එලෙස අයකරන ලද මුදල් නැවත යලි ලබා දීමට කටයුතු කරන ලෙසත්, සිය සේවාවන් පවත්වාගෙන යාමේදී රටේ පවතින වෙළදපල මිල ගණන් අනුව වෙබ් අඩවිය යාවත්කාලින කරන ලෙස අදාළ පුද්ගලික ආයතනයට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් දැනුම් දී ඇත.

එමෙන්ම මෙම ක්‍රියාව සම්බන්ධයෙන් එම අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ සේවා සපයන ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කර සිටින්නේ.

රටේ ඇති වී ඇති හදිසි තත්වය වාසියක් කර ගනිමින් වංචනික ලෙස ක්‍රියා කරන මෙවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් තොරතුරු අප වෙත ලබා දෙන ලෙසටද පාරිභෝගික සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.