Friday, April 26, 2024

General line - 0115112241

දිස්ති‍්‍රක්ක අතර ගමන් වැළැක්වීමට අලූත් මාර්ග බාධක 600 ක්




දිස්ති‍්‍රක්ක අතර පුද්ගලයින් ගමන් කිරීම වළක්වාලීම සඳහා විශේෂ මාර්ග බාධක 600 කට ආසන්න සංඛ්‍යාවක් රට පුරා අලූතෙන් ස්ථාපිත කර ඇතැයි පොලිසිය පවසනවා. ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන කාලයේදී වුවද දිස්ති‍්‍රක්ක අතර ගමන් කිරීමට අවසර ලබා නොදෙන බවයි මෙහිදී සිහිපත් කෙරුණේ. 

මේ ඒ මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

රට පුරා සියලූ දිස්ති‍්‍රක්කවලට මේ වනවිටත් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. නව කොරෝනා අධි අවදානම් කලාප ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවලට හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමට නියමිතයි. හෙට දහවල් 12 සිට එම දිස්ති‍්‍රක්කවලට යළි ඇඳිරි නීතිය පැනවෙනවා. 

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය ඉවත් කර තැබෙන කාලයේදී වුව ද නිවසින් බැහැරව යාම සීමා කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිිටින්නේ. නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඒ පිළිබඳව ද වැඩිදුරටත් කරුණු දැක්වූවා. 

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ති‍්‍රක්ක සඳහා හෙට ඇඳීරි නීතිය ඉවත් කිරීමක් සිදු නොවන බව ද නැවත දැනුම් දෙන තුරු එම දිස්ති‍්‍රක්ක සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙන බව ද මෙහිදී සිහිපත් කෙරුණා.