Friday, April 26, 2024

General line - 0115112241

නිරෝධායනය වූ 144 දෙනෙක් නිවෙස් බලා යයි 




විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනයට ලක් වූ තවත් 144 දෙනෙකු නිරෝධායනය අවසන් කර අද නිවෙස් බලා පිිටව ගියා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

නිරෝධායනය අවසන් කළ පිරිස් අද නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේ නිරෝධායන කාලය තුළ තමන්ට පහසුකම් සැපයූ හමුදා සාමාජිකයන්ට ස්තුතිය ද පළ කරමින්. 

විදෙස්ගතව සිට පැමිණි තවත් 3,086 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 46 කදී නිරෝධායනයට ලක්ව සිටිනවා. ඔවුන්ගෙන් තවත් 163 දෙනෙකු හෙට නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතයි. 

මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් බැහැරව තවත් 1,600 ක් පුද්ගලයින් පිළිබඳව ද පසු විපරමින් සිිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද කියා සිටියා.