Friday, April 19, 2024

General line - 0115112241

මැනිං වෙළඳපොළ අලූයම 04 සිට විවෘත කෙරේ




ඇඳිරි නීතිය පනවා තිබෙන කාලය තුළදීත් සියලූ පුරවැසියන් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීමට රජය සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව මැනිං වෙළඳපොළ අලූයම 04 සිට දහවල් 02 දක්වා විවෘතව තැබෙනු ඇති. අල සහ ලූණු වැනි සෙසු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොග වශයෙන් අලෙවි කිරීම ද කොළඹ පිටකොටුව තොග වෙළඳසැල්වලදී සිදු වනවා. තොග ව්‍යාපාරිකයන්ට පැමිණ මැනිං වෙළඳපොළෙන් සහ කොළඹ පිටකොටුව තොග වෙළඳසැල්වලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී රැගෙන යා හැකියි. 

මේ,  එම යාන්ත‍්‍රණය පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්.

තොග ව්‍යාපාරිකයින් විසින් රැගෙන යන ආහාර ද්‍රව්‍ය මහජන ඒකරාශී වීමක් සිදු නොවන පරිදි ප‍්‍රාදේශීයව අලෙවි කිරීමට ද අවසර ලබා දෙන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කොළඹ මැනිං වෙළඳපොළ ගනුදෙනු සහ ආහාර ද්‍රව්‍ය ප‍්‍රාදේශීයව අලෙවි කෙරෙන මෙම යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය ඇමතූ බොහෝ දෙනෙකු ද විමසා සිටියා. එලෙස ඉදිරිපත් වූ ප‍්‍රශ්න ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත අප ඉදිරිපත් කළා. 

මේ අතර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිවසටම සැපයීම සඳහා වූ යාන්ත‍්‍රණ ප‍්‍රාදේශීයව ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මහනුවර දිස්ති‍්‍රක්කයේ ද එවැනි මෙහෙයුමක් සිදු වන බවයි මහනුවර දිස්ති‍්‍රක් ලේකම් තිස්ස කරුණාරත්න පැවසුවේ. 

ගාල්ල දිස්ති‍්‍රක්කයේ සහ නෙත් නිවුස් සම්බන්ධීකරණයෙන් මොරටුව මහනගර සභා බල ප‍්‍රදේශයේ ද මෙවැනි මෙහෙයුම් සිදු වනවා.