Thursday, April 25, 2024

General line - 0115112241

ගාල්ල බන්ධනාගාරයේ 18 දෙනෙක්ට "ස්කයිප්" ඔස්සේ ඇප නියම වෙයි 

ලලිත් චාමින්ද




කොරෝනා වෛරස හේතුවෙන්  ගාල්ල බන්ධනාගාරය තුල ඇති  තදබදය අවම කිරිම සදහා සුළු වැරදි මත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු අද (25) දින ස්කයිප් තාක්ෂණය  ඔස්සේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට තිබෙනවා.

එලෙස ඇප මත මුදා හැර ඇත්තේ පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

මෙලෙස ඇප මත මුදාහරින ලද රැඳවියන්ට ඉදිරි නඩු දිනයකදි  ඉදිරිපත්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත. ගාල්ල බන්ධනාගාරය තුල දැනට රැඳවියන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටියි.