Friday, March 29, 2024

General line - 0115112241

එමිරේට්ස් ගුවන් යානයක් ගිනි ගනි (VIDEO)




එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ඩුබායි ගුවන් තොටුපොළේදී අනතුරකට ලක්ව තිබෙනවා.

ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ යානය ගොඩබස්වනවාත් සමග යානයේ ගිනිගැනීමක් සිදුවූ බවයි.

එහෙත් ගුවනේදීම යානය ගිනි ගැනීමක් සිදුව ඇතැයි ඇතැම් විදෙස් වාර්තාවල දැක්වෙනවා.

මෙම යානය ඉන්දියාවේ සිට ඩුබායි බලා පියාසර කළ එකක්. මගීන් සහ කාර්යමණ්ඩලයේ 275 දෙනෙකු එහි රැඳී සිට තිබෙනවා. ඩුබායි වේලාවෙන් අද (03) පස්වරු 1.00 ට පමණ අනතුර සිදු වූ බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මෙහිදී යානයේ මගීන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගුවන් යානයේ අදිසි පිටවීම් දොරටු බාවිතා කරමින් ඒ සියලු දෙනා යානයෙන් ඉවත් කර ගැනීමට ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කර තිබුණා.

 

13898595_1243318242377093_899799573_o 13901714_1243318252377092_1800542390_o 13901912_1243318249043759_721964230_o (1) 13937001_1243318232377094_1176452921_n