Thursday, April 25, 2024

General line - 0115112241

ඖෂධ නිවසටම ගෙනැවිත් දීමේ යාන්ත්‍රණයක්



නව කොරෝනා පැතිර යාම වැළැක්වීම සඳහා දැඩි මෙහෙයුමක් කි‍්‍රයාත්මක වී තිබුනත්, මහජනතාවගේ ඖෂධ අවශ්‍යතා හිඟයකින් තොරව සැපයීමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නැවත අවධාරණය කරනවා.  

ඒ නිසා ඖෂධ හිඟයක් පිළිබඳ අනවශ්‍ය සැකයක් ඇති කර නොගන්නා ලෙසයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන ඉල්ලා සිටියේ.

අද (26) දිනයේදී තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල ඔසුසැල් ආශි‍්‍රතව අනවශ්‍ය තදබදයක් ඇතිවීම වළක්වාලීමට ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා මහජන සහය ද අපේක්ෂා කරන බවයි විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පැවසුවේ.

ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදී මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණා. 

ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවේදී වුවද, ඔසුසැල් කිසිවක් වසා නොතැබෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේවෙතත්, ඇනවුම් ඩිජිටල් ක‍්‍රමයෙන් ලබාගෙන ඖෂධ නිවසට රැගෙන ගොස්දීමේ නව යාන්ත‍්‍රණයක් පිළිබඳ සලකා බලමින් සිටින බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.