Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාව මෙතෙක් ලැබූ ප්‍රගතිය ගිලිහෙන්න දෙන්න එපා - ඇතැම් පිරිසට යළිත් උපදෙස් අමතක වෙයි




පැය 06 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති ප‍්‍රදේශවල ජනතාව මේ වනවිට වෙළඳසැල් ආශි‍්‍රතව පෝළිම් සැදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට උනන්දු වී සිටිනවා.

ඇතැම් පුද්ගලයින් වෛද්‍ය උපදෙස් ද නොසලකා කටයුතු කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

නව කොරෝනා ආසාදිතයින් 48,461 ක් ඊයේ (25) දිනය තුළ පමණක් ලොව පුරා රටවලින් හඳුනා ගැනුණා. අමෙරිකාවෙන් පමණක් ඊයේ දිනයේදී හඳුනා ගැනුණු නව කොරෝනා ආසාදිතයින් ගණන 13,347 දෙනෙක්. 

කෙසේවෙතත්, ශී‍්‍ර ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයෙකු ඊයේ හඳුනා ගැනුණේ නැහැ. එහෙත්, ශ‍්‍රී ලංකාව ලැබූ මෙම යහපත් ප‍්‍රගතිය සුළු පිරිසකගේ වුවද, නොසැලකිල්ල නිසා ගිලිහී යා හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පුද්ගලයින් අතර මීටරයත පරතරයක් පවත්වා ගනිමින් සහ නිතරම දෑත් පිරිසිදුව තබා ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන ලෙස සියලූ පුරවැසියන්ගෙන් නැවත ඉල්ලීම් කෙරෙනවා.