Friday, April 26, 2024

General line - 0115112241

ස්වයං නිරෝධායනය නොවූ නිසා රටම වසා දැමු ජනාධිපති




අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බොලිවියාව සම්පුර්ණයෙන් වසා තබන බව එරට වැඩබලන ජනාධිපති ජෙනින් ඇනින්ස් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව අද සිට ලබන අප්‍රේල් මස 15 වෙනිදා දක්වා බොලිවියාව සම්පුර්ණයෙන්ම වසා තැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඊයේ දිනයේදී ජාතිය අමතමින් වැඩබලන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ රජයේ උපදෙස් අනුව රට වැසියන් ස්වයං නිරෝධායනය නොවීම හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානම ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව තත්ත්වය පාලනය කිරිමට මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇති බවයි.

මෙම කාලසීමාවේදී අත්‍යාවශ්‍ය සේවා සපයා ගැනීම සඳහා එක් නිවසකින් වයස අවුරුදු 18-65 ත් අතර වූ පුද්ගලයෙක්ට පමණක් පිටතට යාමට අවසර දීමට එරට රජය තීරණය කර ඇත.

බොලිවියාවේ මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් 39 දෙනෙක් වාර්තා වේ.