Saturday, April 20, 2024

General line - 0115112241

නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙනු තුරු වසා දැමේ




රට පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග අද උපදෙස් දුන්නා. තාවකාලික නවාතැන්වල නතර වී සිටින නිදහස් වෙළද කලාපයන්හි සේවක සේවිකාවන් යුද හමුදාවේ සහ පොලීසියේ අධීක්‍ෂණය යටතේ ගම්බිම් කරා කැටුව යාමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පනවනු ලැබ තිබෙන ඇදිරි නීතිය හේතුවෙන් නිදහස් වෙළද කලාපයන්හි සේවක සේවිකාවන් පීඩාවට පත්ව සිටින බව පාර්ශව කිහිපයක් මීට පෙර පෙන්වා දුන්නා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පැවසුවේ මෙම අපහසුතා පිළිබද අග‍්‍රාමාත්‍යවරයාද දැනුවත් කිරීමට පියවර ගත් බවයි. මේ, එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ.

වෘත්තීය සමිති විසින් පෙන්වා දුන් නිදහස් වෙළද කලාපයන්හි සේවක සේවිකාවන් මුහුණ දෙන මෙම අපහසුතා පිළිබදවද රජයේ අවධානයද යොමුව තිබෙනවා. ඒ අනුව ඒ පිළිබදවද කර්මාන්ත ශාලා හිමිකරුවන් සමග සාකච්ඡුා කළ බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.

නිදහස් වෙළද කලාපයන්හි සේවයේ යෙදී සිට ගම්බිම් බලා පිටත් කර හැරෙන සේවක සේවිකාවන් එලෙස පිටත් කර හැරීමට පෙර විශේෂ සෞඛ්‍ය පරීක්‍ෂාවකට ලක් කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.