Friday, April 26, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීමේ මෙහෙයුම් ඇරඹේ (PHOTOS)




ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ප‍්‍රාදේශීයව මෙම මෙහෙයුම් සිදුවන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ, වැල්ලවත්ත ප‍්‍රදේශයේ අදාළ මෙහෙයුම් සිදුකළ ආකාරය පිළිබද නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ වැල්ලවත්ත දකුණ, ග‍්‍රාම නිලධාරීණී යූ එම් වාසනා.

මේ අතර හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතිය ආහාර සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් අළෙවි කිරීමේ මෙහෙයුමක් සිදුකරමින් සිටිනවා. මේ, ඒ පිළිබද කරුණු දක්වන හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරී තිලකා කති‍්‍රආරච්චි.

සතොස ශාඛා මගින් පික් මී යෙදවුම හරහා ඇණවුම් කරන ආහාර සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ගොස් ලබාදීමේ මෙහෙයුමද අද ආරම්භ වුණා.
කෙසේවෙතත් ඇතැම් ප‍්‍රදේශවලදී මෙම සහන සේවා විධිමත්ව කි‍්‍රයාත්මක නොවූ බවටයි කෝවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය වෙත පැමිණිලි ලැබුණේ. 
මේ අතර දිස්ති‍්‍රක්ක සමහරකට අද උදෑසන හයේ සිට දහවල් 2  දක්වා ඇදිරි නීතිය ඉවත් කර තිබුණු කාලයේදී එම දිස්ති‍්‍රක්ක ඉතා ජනාකීර්ණ වුණා. ඇතැම් පිරිස් වෛද්‍ය උපදෙස් පවා නොසලකා වෙළදසැල්වල රැුස්වී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 
ඇදිරී නීතිය ඉවත් නොකළ කළුතර දිස්ති‍්‍රක්කයේ ඇතැම් ප‍්‍රදේශද ඉකුත් දිනවලට වඩා අද ජනාකීර්ණ වී තිබුණා. කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලද ප‍්‍රධාන මාර්ගවල වෙනදාට වඩා වාහන ධාවනය වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.