Thursday, April 9, 2020
Hotline - 0770586666

ලොව වැඩිම කොරෝනා රෝගීන් අමෙරිකාවෙන් : අසු දහසකට අධික පිරිසක් මිය යනු ඇතැයි අනතුරු අඟවයි

4098Views


 


ලොව කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ චීනයද පසු කරමින් වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් වැඩියෙන්ම සිටින රට බවට අමෙරිකාව පත්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82,400 කට අධික වන අතර ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් ගණන 1,195ක් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවූ චීනයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 81,782ක් වේ.

මේ අතර විශේෂඥයින් පිරිසක් සිදුකර ඇති පර්යේෂණයකට අනුව කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ පුද්ගලයින් 80,000 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා සිටිනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වැඩියෙන්ම රෝගීන් වාර්තා වන්නේ අමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයෙන් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here