Wednesday, April 24, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක 05ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ - වගකීම අමතක නොකරන්නැයි සෞඛ්‍ය අංශවලින් ජනතාවට උපදෙස්




දිවයිනේ දිස්ති‍්‍රක්ක 5 ක් සඳහා පනවා ඇති ඇදිරි නීතිය අද (27) උදෑසන 6.00 ට තාවකාලිකව ඉවත් කෙරුණා. මෙලෙස ඇදිරි නීතිය ඉවත් කරන දිස්ති‍්‍රක්ක වන්නේ පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව්. පසුව අද දහවල් 2.00 ට එම දිස්ති‍්‍රක්කවලට යළි ඇදිරි නීතිය පැනවීමට නියමිතයි.

එය ලබන සදුදා (30) උදෑසන 6.00 දක්වා කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ. පසුව එදින දහවල් 2.00 දක්වාද පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ති‍්‍රක්කවලට යළි ඇදිරි නීතිය ඉවත් කර තැබෙනු ඇති. එදිනම දහවල් 2.00 සිට එම දිස්ති‍්‍රක්කවලට ඇදිරි නීතිය යළි පැනවීමට නියමිතයි.

ඊයේ (26) තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කර තැබුණු දිස්ති‍්‍රක්කවලටද ලබන සදුදා උදෑසන 6.00 සිට දහවල් 2.00 දක්වා නැවත ඇදිරි නීතිය ඉවත් කර එදිනම දහවල් 2.00 සිට ඇදිරි නීතිය යළි පැනවෙනවා. 

ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කරන ප‍්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ දැනුම් දෙනවා. ඉකුත් දිනවල තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ඇතැම් පිිරිස් මීටරයක දුර තබා ගනිමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළද ඇතැම් ප‍්‍රදේශවල එම තත්ත්වය දක්නට ලැබුණේ නැහැ. එබැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපැද මෙතෙක් වෛරසය පාලනය කිරීමට ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට සහය ලබාදෙන ලෙසයි සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ යළි යළිත් දැනුම් දෙන්නේ.

ඇදිරි නීතිය ඉවත් කරනු ලබන්නේ ජනජීවිතයට සිදුව ඇති යම් අපහසුතාවයක් වේ නම් ඊට සහනයක් ලබාදීමේ අරමුණින් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවා.

ඇදිරි නීති බලපත‍්‍ර ලබාගැනීමට ඇති ඉල්ලූම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. එහිදී "ඇඳිරි නීති බලපත්‍ර විශාල වශයෙන් ඉල්ලා සිටින බවට පොලිසිය හරහා අපිට වාර්තා වුණා. මේ ඇඳිරි නීති බලපත්‍ර විශාල වශයෙන් දෙන්න ගියොත් අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය නැතිව යනවා. කොරෝනා වසංගතය නිසයි මේ ඇඳිරි නීතිය පනවා තියෙන්නේ. ජනතාව ඒක නිතර මතක තබා ගත යුතුයි." යනුවෙන් සඳහන් කළා.

අත්‍යවශ්‍යම අවශ්‍යතාවක් ඇති නම් පමණක් ඇදිරි නීතිය ඉවත් කරන ප‍්‍රදේශවල ජනතාව නිවෙස්වලින් බැහැර විය යුතු බව නීති දිසාව භාර නියෝජ්‍යඨ පොලිස්පති අජිත් රෝහණ සදහන් කළා.

ජනතාව අධික ලෙස ඒකරාශි නොවීමට වගබලා ගැනීම වෙළදසැල් හිමිකරුවන්ගේද වගකීමක් බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

නිවසෙන් පිටවීමේදී වයෝ්වෘද්ධ පුද්ගලයින් නිවසින් පිටවීම හැකිතාක් අවම කිරීම අත්‍යවශ්‍ය බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පැවසුවේ.

කෙසේවෙතත් වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ති‍්‍රක්කවලට ඇදිරි නීතිය ඉවත් කළද යාපනය දිස්ති‍්‍රක්කයට පැනවූ ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා. ඒ, නව කොරෝනා අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබීම හේතුවෙන්.

කොළඹ, ගම්පහ, සහ කළුතර යන දිස්ති‍්‍රක්කවලට ද නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය කි‍්‍රයාත්මකයි. දිස්ති‍්‍රක්ක අතර ගමනා ගමනයද මේ වනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. 

මේ අතර ඇදිරි නීතිය පනවා තිබියදී ඒ බව නොසලකා කටයුතු කළ පුද්ගලයින් 3,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය පැවසුවේ.