Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන්ගෙන් පහක් දැඩි සත්කාර ඒකකවලට




ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කර ගැණුනු කොරෝනා ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

ඉන් සිව් දෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේයි. වැලිකන්ද රෝහලේද තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කළ නව කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ (26) දිනයේ 106 ක් දක්වා වැඩි වුණා. ඒ, තවත් නව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු ඊයේ පස්වරුවේ තහවුරු කර ගැනීමත් සමගයි.

සමස්තයක් ලෙස මේ දක්වා කොරෝනා ආසාදනය වි පුද්ගලයින් 6 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ. 

මේ අතර සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ කොරෝනා රෝග ලක්‍ෂණ වේ නම් වහාම රජයේ රෝහලකට ඇතුළත් වන ලෙසයි.

කොරෝනා රෝග ලක්‍ෂණ පහලවී පෞද්ගලික රෝහල් දෙකකට ඇතුළත් වූ රෝගීන් දෙදෙනෙකු පිළිබද ඊයේ තොරතුරු වාර්තා වුණා. ඉන් එක් අයෙකු පසුව අංගොඩ IDH  රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින තවත් පිරිසක් අද දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමටද නියමිත බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේ.