Friday, April 19, 2024

General line - 0115112241

කොරෝනා වැළදුණු තිදෙනෙක් බොරු කියා රෝහල් වලට ඇතුල් වෙලා 




කොළඹ පිහිටි ප්‍රධාන රෝහලකින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගියෙක්ට ඊයේ (26) දිනයේදී කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම රෝහල විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් තබමින් සඳහන් කර ඇත්තේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් සිය රෝහල වෙතට පැමිණීමෙන් පසු එලෙස කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ බවයි.

මෙම රෝගියාගේ ඥාතින් විසින් දැන දැනම මෙම රෝගියාගේ තත්ත්වය සඟවා ගෙන අදාළ පෞද්ගලික රෝහලට ඇතුලත් කර ඇති බවයි ඔවුන් සිය නිවේදනයෙන් සඳහන් කරන්නේ.

එම රෝගියාට කොරෝනා වෛරසය ආසාධනයවී ඇති බවට තහවුරු කරගත් විගස ඔහුව අංගොඩ පිහිටි IDH රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි එම එම පෞද්ගලික රෝහල සඳහන් කරන්නේ.

මෙම රෝගියා සමග සමීප සම්බන්ධතාවයකට පැමිණි සිටි සිය රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින් මේ වන විට වසංගත රෝග විද්‍යා අංශයේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි එම රෝහල සඳහන් කර සිටින්නේ.

මේ අතර එම රෝගියා පළමුව ඇතුලත්වීමට පැමිණි රජයේ රෝහලේ සේවය කරනු ලබන බව කියන ඔහුගේ ඥාතින් දෙදෙනෙක් ද මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රෝගියාට අමතරව ඊයේ දිනයේදී කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ තවත් රෝගීන් දෙදෙනෙක් ද රෝහල් වලට අසත්‍ය තොරතුරු ලබාදී ඇතුලත් ව ඇති බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තහවුරු කර සිටියා. 

ඒ අනුව මෙලෙස අසත්‍ය උපදෙස් ලබාදෙමින් කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු කර ගත් රෝගීන් තිදෙනාට එරෙහිව නිතිමය ක්‍රියා මාර්ග ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.