Tuesday, April 16, 2024

General line - 0115112241

කොරෝනා ගැන බොරු පැතිරූ පුද්ගලයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට




සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (28) රාත්‍රී 8.45 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල, උහුමීය ප්‍රදේශයේදී.

වයස අවුරුදු 38 ක් වන මෙම පුද්ගලයා කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හෙට දිනයේදී ඔහු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.